කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක වායු දූෂණය ඉහළට

කොළඹ නගරය සහ ප්‍රධාන නගර කිහිපයක වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 ත් 200 ත් අතර අගයක පවතින බවයි.
එය සෞඛ්‍යට අහිතකර මට්ටමක් ලෙස සැළකේ.
හැකි තාක් එළිමහනට නොගොස් නිවෙස් තුළ සිටීම වැදගත් එමගින් විෂ වායු, විෂ දූවිලි අංශුවල ආග්‍රහණය අවම කරගත හැකි අතර එළිමහනේ ව්‍යායාම කිරීම සිදු කරන්නේ නම් හැකි තාක් එයින් වැළකිසිටීම වැදගත් බව හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ශ්වසනය රෝග විශේෂඥ වෛද්‍ය දමිත් රෝද්‍රිගෝ මහතා පැවසීය.
තව ද නිවසින් බැහැරව යන අවස්ථාවන්හි මුඛ ආවරණයක් පැළඳීම මගින් විෂ වායුන් හා විෂ දුම ආග්‍රහණය අවම කරගත හැකිවේ.
ශ්වසනය රෝග විශේෂඥ වෛද්‍ය දමිත් රෝද්‍රිගෝ මහතා වැඩිදුරටත් පැවසුවේ, නිවෙස් හා රැකියා ස්ථාන මනා ලෙස වාතාශ්‍රය ලැබෙන සේ තබා ගැනීම මගින් වායු දූෂණයේ ඇති අහිතකර ප්‍රතිවිපාකවලින් ආරක්ෂා විය හැකි බවයි.

