පොලිසියට පාට් දැමු අමේෂ් රුවන්ත අත්අඩංගුවට

පොලිසියට පාට් දැමු අමේෂ් රුවන්ත අත්අඩංගුවට

මාර්ග නීති උල්ලංඝණය කරමින් මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයෙකු පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහට ලක්වී තිබෙනවා.

හයිලෙවල් මාර්ගයේ ගමන්ගත් මෝටර් රථයක් මාර්ග නීති උල්ලංඝණය කරමින් ධාවනය කිරීම හේතුවෙන් පොලිස් රථවාහන නිලධාරින් දෙදෙනෙකු දෙල්කඳ මංසන්ධියේදී අදාළ මෝටර් රථය නැවැත්වීමට කටයුතු කර තිබුණා.

පසු ව අදාල වැරැදි යටතේ මෙම පුද්ගලයා ව උසාවි කැඳවීමට පොලිස් නිලධාරින් කටයුතු කර තිබුණු අතර, එම අවස්ථාවේ දී යි මොහු පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් හා පරුෂ වචනයෙන් පොලිසියට බැණ වැදී තිබුණේ.

මේ අතර පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරුණු අමේෂ් රුවන්ත නැමැත්තා මිරිහාන පොලීසියට අද භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහුට අද (08) දිනයේ දී මිරිහාන පොලිසියට පැමිණෙන ලෙසට දැනුම් දීමකට අනුවයි.

https://youtu.be/SFg2WV0pCBA