රන්සිළු ශ්‍රී ලංකාව රනින් බබළවයි

2022 ආසියානු ක්ලැසික් සවි එසවීමේ ශූරතාවලියේ රන් පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක සමත් වුණා.
ඒ කිලෝග්‍රෑම් 120 විවෘත බර පන්තියෙන්.
එහිදී ඔහු එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ, ඩෙඩ්ලිෆ්ට් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 320ක බරක් ඔසවමිනි.
එම ඉසව්වේ රිදී පදක්කම කුවේට් රාජ්‍යට හිමි වූ අතර ජපානයට ලෝකඩ පදක්කම හිමි විය.
2022 ආසියානු ක්ලැසික් සවි එසවීමේ ශූරතාවලිය ඩුබායිහිදී පැවැත්වේ.


