අද ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 100ට වැඩි තද වැසි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (ත්‍රිකුණාමලය සිට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින්) ස්ථාපිත වී පවතින ‘මැන්ඩවුස්’ චණ්ඩ සුළි කුණාටුව ඊයේ පස්වරු 11.30 වන විට අක්ෂාංශ 10.6N සහ දේශාංශ 82.3E ආසන්නයේ ස්ථානගතව පැවතුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙම පද්ධතිය බටහිරට බර ව වයඹ දෙසට ගමන් කර දෙසැම්බර් 09 රාත් රීකාලය වන විට නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරුතමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන්.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බර ව පවතිනු ඇති බවට යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
උතුරු පළාතේ නිරන්තර වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති වනු ඇති.
සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වල විටින් විට වැසි ඇති විය හැකි අතර, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ද වාර්තා වනවා.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැයට කිලෝ මීටර් (60-70) පමණ තද සුළං ද බලාපොරොත්තු විය හැකි යි.

