ඉතිහාසයේ දැවැන්තම රන් මගඩියක් රේගුවෙන් අල්ලයි – වටිනාකම රුපියල් මිලියන 400ක්

ඉතිහාසයේ දැවැන්තම රන් මගඩියක් රේගුවෙන් අල්ලයි – වටිනාකම රුපියල් මිලියන 400ක්

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකු රේගු පරිශ්‍රය තුළදී පරීක්ෂාවට ලක් කර අවස්ථාවේදී රුපියල් මිලියන 400ක් වටිනා කැරට් 24 රත්තරන් කිලෝ 22 ක් සොයා ගෙන තිබෙනවා.

මෙම මඟින් හතර දෙනාගෙන් තුන් දෙනෙතු ඩුබායි සිට චෙන්නායි හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 126 දරණ ගුවන් යානයෙන් අද (09) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඉතිහාසයේ දෙවන විශාලතම රත්තරන් වැටලීම මෙය බව රේගු අධිකාරී නුවන් අබේනායක ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය බුද්ධි තොරතුරු අංශයේ නිලධාරීන් ලබා දී තිබූ තොරතුරු මත මෙම වැටලීම සිදු කර තිබේ.

COMMENTS