ඩයනා සජිත්ට සහ රංජිත් මද්දුම බණ්ඩාරට එරෙහිව උසාවි යයි

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ට සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ට 2023 ජනවාරි 25 දින අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද නොතීසි නිකුත් කර තිබෙනවා.
ඒ සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා සමගි ජන බළවේගය පක්ෂය හැර වෙනත් පක්ෂයක සාමාජිකයන් ලෙස කටයුතු කරන බැවින් ඔවුන් දෙදෙනාටම සමගි ජන බළවේගය පක්ෂයේ අදාළ තනතුරු දැරීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සිය පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් මෙම පැමිණිල්ල හරහා පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාට එරෙහිව එම පක්ෂයේ සාමාජිකත්වය අත්හිටුවීමට නඩු පවරා ඇති බවයි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පැවතීම හේතුවෙන් සමගි ජන බලවේගයේ නියමිත තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සිය පැමිණිල්ල හරහා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

