සීතල දරාගැනීමට නොහැකිව කිරි ගවයින් 500ක් පමණ මියැදෙයි

සීතල දරාගැනීමට නොහැකිව කිරි ගවයින් 500ක් පමණ මියැදෙයි

ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මේ දිනවල රට පුරා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සහ අධික ශීතල හේතුවෙන් කිරි ගවයන් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බවයි.

පශූ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නුවන් හේවාගමගේ සඳහන් කළේ ගවයන් 316 දෙනෙකු සහ එළුවන් 170ක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එලෙස මියගිය කිරි ගවයින් 165 දෙනෙකු සහ එළුවන් 07 දෙනෙකුගේ සිරුරු කිලිනොච්චියේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොන්නගර් ප්‍රදේශයෙන් ද වාර්තා වනවා.

මෙම ගවයින් සහ එළුවන් ගව මඩුවල මෙන් ම වීදිවල ද තැනින් තැන මියැදී සිටි බවයි වාර්තා වෙන්නේ.

මේ හේතුවෙන් සතුන් මෙම ස්වභාවික ව්‍යසනයෙන් බේරාගැනීමට ගම්වාසීන් විසින් ඔවුන් සිටින ස්ථානවල ගිනිමැල ගසා සතුන් බේරාගැනීමේ කටයුත්තේ නියැලී සිටියා.

කිලිනොච්චියේ පසුගිය දින දෙක තුළ දී පරිසර උෂ්ණත්වය සඳහන් වූයේ සෙල්සියස් අංශක 17ක් ලෙසයි.