මත්ද්‍රව්‍ය අරන් ශ්‍රී පාද වන්දනාවේ එන අය අල්ලන්න මෙහෙයුමක්

මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක් ආරම්භ කර ඇත.
විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට සමගාමීව හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වැටලිම් ඒකකයේ සහ හැටන් කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ පොලිස් නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම දියත් කර තිබේ.
හැටන් පොලිස් කොට්ඨාස සුනඛ අංශයේ ස්ටුවඩ් සුනඛයාගේ සහයෝගය ඇතිව හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සහ දූෂණ මර්ධන අංශයේ පොලිස් නිලධාරීන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදී ශ්‍රී පාද වන්දනාවේ වාහනවලින් සහ බස් රථවලින් පැමිණෙන වන්දනාකරුවන් පරීක්ෂාවට ලක් කරන අතර, එම පරික්ෂාවේදී ඊයේ (09) දින ගංජා සහ තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි සන්තකයේ තබාගත් සැකකරුවන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවු 20-30 වයස් කාණ්ඩ වල පසුවන අය බව ත්, එම සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට තිබෙනවා.
මෙම මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍ය රැගෙන දුම්රියෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරින් දුම්රිය ස්ථානයේදි මෙහෙයුමක් දියත් කර ඇත.
හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත අල්විස් මහතාගේ අධික්ෂණය යටතේ මෙම මෙහෙයුම් ශ්‍රී පාද වන්දනා වාරය අවසන් වන තෙක් වැටලීම් සිදු කිරීමට නියමිතය.

