“මැන්ඩවුස්” දිවයිනෙන් බැහැරට – ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ “මැන්ඩවුස්” සුළි කුණාටුව ඊයේ (09) උදෑසන 08.30 වන විට යාපනය සිට කි.මී. 230ක් පමණ නැගෙනහිරට බරව ඊසාන දෙසින් ස්ථානගතව පැවතුණා.
එම සුළි කුණාටුව වයඹ දෙසට ගමන් කර ඊයේ (09) රාත්‍රී කාලය වන විට නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එබැවින් අද (10) දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින බව පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.
මේ අතර උතුරු, වයඹ සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ද උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං ද බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

