මාරාන්තික අනතුරක් – එක් අයෙක් මරුට

කොල්ලුපිටිය පොලිස් වසමේ ගාලු පාර – කොල්ලුපිටිය කාගිල්ස් බැංකුව ඉදිරිපිට සිදු වූ මෝටර් රථ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (10) පෙරවරුවේ බම්බලපිටිය දෙස සිට ගාලු මුවදොර දෙසට ධාවනය වූ කාර් රථයක් ඉදිරියෙන් එම දෙසටම ගමන් කරමින් සිටි ත්‍රීරෝද රථයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රීරෝද රථයෙහි රියදුරුයි.
බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්වුණා.
මෙලෙස මියගොස් ඇත්තේ 58 හැවිරිදි පොල්ගස් ඕවිට පදිංචිකරුවෙක්.
මෝටර් රථය පැදවූ රියදුරු අනතුරින් පසුව පලා ගොස් තිබෙන අතර, අනතුර සිදුවන විට කාර් රථයේ කාන්තාවන් තිදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු සිට ඇති බවත් පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ 29 -31 හැවිරිදි වියෙහි පසු වූ කාන්තාවන් දෙදෙනකු කොළඹ ජාතික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමිනි පසුවනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.



