සුපිරි ආර්ජන්ටිනාව ලෝක පාපන්දු කිරුළ පෙනෙන මානයට

2022 පාපන්දු ලෝක කුසලානයේ ආර්ජන්ටිනාව සහ නෙදර්ලන්තය අතර තරඟයේ ජය ලයනල් මෙසීගෙ නායකත්වයෙන් යුතු ආර්ජන්ටිනා කණ්ඩායම සතු වුණා.
ඒ අනුව ආර්ජන්ටිනා කණ්ඩායම මෙවර ලෝක කුසලානය දිනා ගැනීමේ සිහිනය තවදුරටත් රඳවා ගත්තේ, අවසන් පූර්ව තරඟවටය සඳහා සුදුසුකම් ලබමින්.
තරඟයේ නියමිත කාලය අවසන් වන විට දෙපිළම ගෝල දෙක බැගින් ලබා ගත් අතර, තරගයේ ජයග්රාහකයා තීරණය වූයේ දඬුවම් පහර මගින්.
එහි දී 4- 3ක් වශයෙන් දඬුවම් පහර සාර්ථක කර ගත් ප්රබල ආර්ජන්ටිනා කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

