පෙරළිකාර මොරොක්කෝව ප්‍රබල පෘතුගාලයේ සිහිනය බොඳ කරයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තවත් තරඟයක් ඊයේ (10) පැවැත්වුණු අතර, එහි විශිෂ්ට ජයක් ලබා ගැනීමට මොරොක්කෝව සමත් වුණා.
ඒ ප්‍රබල ප්‍රතිවාදී පෘතුගාල කණ්ඩායම පරාජයට පත් කරමින්.
එහිදී මොරොක්කෝව පෘතුගාලය පැරදවූයේ ගෝල 1-0ක් ලෙසින්.
මෙම ජයග්‍රහණයත් සමග ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව තරගයකට තේරී පත්වුණ ප්‍රථම අප්‍රිකානු රාජ්‍යය බවට ද මොරොක්කෝව පත්වුණා.

