සජබේ නායකත්වය යළි සජිත්ට

සජබේ නායකත්වය යළි සජිත්ට

සමගි ජන බලවේගය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමෙදාස ප්‍රකාශ කළා.

ඒ, බොරැල්ල කැම්බල්පිටියේ ඊයේ (11) පැවති සමගි ජන බලවේගයේ සංවත්සරයට එක්වෙමින්.

සමගි ජන බලවේගයේ සංවත්සරට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා සහ චන්දිම වීරක්කොඩි ද එක්ව සිටීම විශේෂත්වයක්.

මෙහිදී සමගිජන බලවේගයේ නායකත්වයට සජිත් ප්‍රේමදාස ඒකමතිකව යළිත් තෝරා පත්කරගනු ලැබූ අතර පක්ෂ මහලේකම් ලෙස යළි තේරී පත්වූයේ රංජිත් මද්දුම බණ්ඩාරයයි.

එමෙන්ම පක්ෂයේ සභාපති ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, භාණ්ඩාගාරික ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ජාතික සංවිධායක ලෙස තිස්ස අත්තනායක යළිත් තේරී පත්ව තිබෙනවා.

සභාව ඇමතූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ ජනවාර්ගික ගැටලුවට ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීමට කටයුතු කරන බවයි.

COMMENTS