තොරතුරු තාක්ෂණ අංශයෙන් ශ්‍රී ලංකාවට රන් සම්මානයක්

අධ්‍යාපන ක්ෂේත්රයේ මානව සම්පත් කළමනාකරණ දත්ත පද්ධතිය හා පරිගණක මෘදුකාංගය වන සිප්තතු පද්ධතිය 2022 – Apicta Awards රන් සම්මානය දිනා ගෙන තිබෙනවා.
2017 වර්ෂයේ දී සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ මෙම පද්ධතිය සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ සබරගමුව පළාත් සභාවයි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික ක්ෂේත්රයේ ඔස්කාර් සම්මානය ලෙස විරුදාවලිය ලත් මෙම සම්මානය සඳහා පැවැත්වෙන ආසියා පැසිපික් කලාපීය තරගාවලිය මෙවර පැවැත්වුණේ පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර දීයි.
National ICT Awards NBQSA – 2022 රන් සම්මානය ජාතික මට්ටමින් ලබා ගනිමින් මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වීමට වරම් ලැබූ සිප්තතු කණ්ඩායමේ අනුරාධ, ලක්මාල්, අන්ෆාස් විසින් මෙම තරගයේ ප්‍රථම ස්ථානය හිමි කර ගෙන තිබෙනවා.





