පළමු වසරට සහ උසස් පෙළට ළමුන් ඇතුළත් කිරීම ගැන නිවේදනයක්

පළමු වසරට සහ උසස් පෙළට ළමුන් ඇතුළත් කිරීම ගැන නිවේදනයක්

පළමු ශ්‍රේණියට සහ උසස් පෙළ සදහා ලමුන් ඇතුළත් කිරීම පාසල් මගින් පමණක් සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම කටයුතු කිසිදු අවස්ථාවක අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදු නොවන බවයි නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අදාල පාසල් මගින් පමණක් සිදු කෙරෙනවා.

උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල් වල සිසුන් එම විෂය ධාරා ඇති පාසල් සදහා ඉල්ලුම් පත්‍ර අදාල පාසලටම යොමුකිරීම සිදු කළ යුතු අතර, එම අයදුම් පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකිරීම සිදු නොකළ යුතු බවයි එම අමත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.