තිළිණි යළි රක්ෂිත බන්ධනාගායට

තිළිණි යළි රක්ෂිත බන්ධනාගායට

මහාපරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ ආයතනයේ කළමනාකරු යළි ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔවුන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

ඔවුන්ට එරෙහිව පවතින නඩු හතකින් එක් නඩුවක් සඳහායි මෙලෙස ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ පවත්වාගෙන ගිය තිකෝ සමුහ ව්‍යාපාරය තුළ කුප්‍රකට ලෙස මුදල් ගනුදෙනු සිදු කිරීමේ චෝදනාව යටතේ යි තිළිණි ප්‍රියමාලි අත් අඩංගුවට ගැනුණේ.

COMMENTS