ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම T20 ලෝක කුසලානයේ වැඩ පෙන්වයි

ඉන්දියාවේ පැවැත්වෙන තුන්වන දෘශ්‍යාබාධිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අද සමත් වී තිබෙනවා.
ඒ නේපාලය කඩුළු 07 කින් අද පැවති තරඟයක දී පරාජයට පත් කරමින්.
වර්ෂාව නිසා පන්දුවාර 15 කට සීමා වූ මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම කඩුළු 07ක් දැවී ලකුණු 87ක් රැස්කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව පන්දුවාර 07 යි එක් පන්දුවක් තුළදී කඩුළු 03ක් දැවී ලකුණු 88 ක් ලබා තරඟය ජයග්‍රහණය කළා.
මෙය ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරඟාවලියේ පිට පිට ලැබූ හතරවන ජයග්‍රහණය වන අතර මීට පෙර ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය හමුවේ ජයග්‍රහණ වාර්තා කළා.

