ගෑස් සිලින්ඩර 90,000ක් දිනපතා වෙළඳපොළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩර 90,000ක ප්‍රමාණයක් ඊයේ (12) සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.
එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ඊයේ, අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් සිලින්ඩර නිකුත් කළ බවයි.
ගෑස් මෙට්‍රික් ටොන් තුන්දහස් අටසියක තොගයක් රැගත් නෞකාවක් ඊයේ රාත්‍රීයේ දිවයිනට ළඟා විය.
හෙට (13) තවත් ගෑස් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සභාපතිවරයා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව ගෑස් ලබා දීමට සූදානම් බවයි.
ඒ වෙනුවෙන් ඇනවුම් කර ඇති ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 34000 කි.

