සරසවි තුළ විනය විරෝධී වැඩ කරන සිසුන්ට එරෙහිව දැඩි පියවර

සරසවි තුළ විනය විරෝධී වැඩ කරන සිසුන්ට එරෙහිව දැඩි පියවර

විශ්වවිද්‍යාල තුළට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය පැමිණීම පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරක්ෂක අංශවෙත උපදෙස් ලබාදී ඇතැයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

විශ්වවිද්‍යාල පද්ධතිය රැකගත හැක්කේ විනය විරෝධී කටයුතු සිදුකරන සිසුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමෙන් පමණක් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ශිෂ්‍යභාවය අහෝසි කිරීම වැනි තීරණවලට එළඹිය යුතු බවත් එවිට බියෙන් හා සැකයෙන් තොරව විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය හැදෑරීමට අවකාශය හිමිවන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.