ලයනල් මෙසීගේ අවසන් ලෝක කුසලානය මෙය වේ

ලයනල් මෙසීගේ අවසන් ලෝක කුසලානය මෙය වේ

මෙවර ලෝක කුසලානය සිය අවසන් ලෝක කුසලානය බව ආර්ජන්ටිනා පාපන්දු නායක ලයනල් මෙසී නිවේදනය කරනවා.

මේ ඉරිදා කටාර් හි දී පැවැත්වෙන අවසන් මහා තරඟය මෙසීගේ අවසන් මහා තරඟය වනු ඇති.

ප්‍රංශය හා මොරොක්කෝව අතර අද (14) පැවැත්වෙන තරඟයෙන් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම ඉරිදා ආජන්ටිනාව සමඟ තරඟ වැදීමට නියමිත යි.

සිය 5 වැනි ලෝක කුසලානයට ක්‍රීඩා කරමින් 35 හැවිරිදි මෙසී, ලෝක කුසලාන තරගාවලියේ ආර්ජන්ටිනාව වෙනුවෙන් වැඩි ම ලකුණු ලාභියා ලෙස ගේබ්‍රියෙල් බැටිස්ටුටා අභිබවා ගෝල 11ක් රැස් කරගෙන තිබෙනවා.