IMF ණය මේ වසරේ නොලැබෙන හැඩක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව ඇති ණය පහසුකම පිළිබඳව මේ වසර අවසන් වනවිට එකඟතාවයකට ළඟා වීම අවිනිශ්චිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඒ, මෙරට මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ඒ සම්බන්ධයෙන් හුවමාරු කරගත් තොරතුරු උපුටා දක්වමිනි.
2022 වසරේ ඉදිරි දින කිහිපය තුළ දී ශ්‍රී ලංකාවේ ණය පහසුකම පිළිබඳව සාකච්ඡා අවිනිශ්චිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.
රටවල් කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දින දර්ශනයේ දෙසැම්බර් මස 22 වැනි දා තෙක් දින වෙන් කර තිබුණත් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, එහි ශ්‍රී ලංකාව ගැන කිසිඳු සඳහනක් නොමැති බවයි.
ද්වි පාර්ශවික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගැනීම සඳහා රජය යුහුසුළුව කටයුතු කරන බව ඊට ප්‍රතිචාර දක්වමින් මෙරට මුදල් අමත්‍යංශ නියෝජිතයින් ප්‍රකාශ කර තිබේ.

