ඩිලාන්ට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ

ඩිලාන්ට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහරදීමේ සිදුවීම පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, ඔහු තවදුරටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවය.

නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ ඡායාරූප ශාලාව තුළ සිටියදී ඊයේ (14) රාත්‍රියේ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහරදී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

ඔහුගේ පාදයකට හා උරහිසට පහරදීමෙන් තුවාල සිදු ව ඇත.

පහරදීමට පැමිණි සැකකරුවන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS