ප්රංශය ආජන්ටිනාව සමඟ අවසන් සටනට

ලෝක කුසලාන දෙවන අවසන් පූර්ව තරඟය ජයගත් පසුගිය ශූරයන් වන ප්රබල ප්රංශය මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ආජන්ටිනාවට එරෙහි ව තරග වැදීමට සුදුසුකම් ලැබුවා.
ඒ, දෙවැනි අවසන් පූර්ව තරඟය 2ට 0ක් ලෙස මොරොක්කෝවට පරාජය අත් කර දෙමින්.
තරඟය ආරම්භයේ දී ම ප්රංශය වෙනුවෙන් ප්රථම ගෝලය වාර්තා කිරීමට theo hernández සමත් වුණු අතර, තරගයේ 5 වැනි මිනිත්තුවේ දී ඔහු එම ගෝලය රැස් කළා.
තරඟයේ පළමු අර්ධය නිම වන තුරු දෙපාර්ශවය ම පාපන්දු පිටිය උණුසුම් කරමින් තරග වැදුණ ද එක් කණ්ඩායමකට වත් ගෝලයක් ලබාගැනීමට හැකි වුණේ නෑ.
ඒ අනුව තරඟයේ පළමු අර්ධය නිමා වූයේ 1ට 0ක් ලෙස ප්රංශය පෙරමුණ ගනිමින්.
දෙවන අර්ධයේ දී යළි ක්රියාත්මක වූ ප්රබල ප්රංශ ක්රීඩකයන් තවත් ගෝලයක් සිය රට ඉදිරියේ සටහන් කිරීමට සමත් වුණා.
ඒ අනුව එළඹෙන ඉරිදා (18) මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගය ප්රංශය සහ ආජන්ටිනාව අතර පැවැත්වෙනු ඇති.
ආජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරඟයක් සඳහා සුදුසුකම් ලබාගත්තේ 6 වැනි වතාවට වන අතර, ප්රංශය ලෝක කුසලාන අවසන් මහා තරඟයක් සඳහා සුදුසුකම් ලබාගත්තේ 4 වැනි වතාවට යි.

