බිත්තර ගණන් උස්සපු නිසා කේක් මිලත් උස්සයි

බිත්තර ගණන් උස්සපු නිසා කේක් මිලත් උස්සයි

බිත්තරයක මිල ඉහළ යාම නිසා උත්සව සමයේ කේක් මිල ද ඉහළ දැමීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන චෝදනා කළේ, මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් වෙළදපොල තුල බිත්තර හිඟයක් ඇති කිරීමත් සමග වෙළදුන් බිත්තර ඉහළ අගයකට අලෙවි කරන බවයි.

අගෝස්තු 19 වනදා බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.

COMMENTS