ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් ජීවිතක්ෂයට

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් ජීවිතක්ෂයට

පැහැරගෙන බරපතළ තුවාල සිදු කොට බොරැල්ල කනත්තේ මෝටර් රථයක දමාගොස් සිටිය දී හමු වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මීට ටික වේලාවකට පෙර මිය ගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් පැහැර ගෙන ගොස් බොරැල්ල කනත්තේ දමා ගොස් තිබීය දී හමු වූ අතර සොයා ගන්නා අවස්ථාවේ බරපතල තත්ත්වයේ පසු වූ ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කෙරුණා.

මිය යන විට 51 වැනි වියෙහි පසු වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්, මල් පාරේ පිහිටි සිය නිවසෙන් පෙරේදා (14) දහවල් පිටත්ව ගොස් ඇත්තේ ණයහිමියෙකු මුණ ගැසීමට බව පවසමින් බවත් ඔහුගේ දුරකතනය ටික වේලාවකින් ක්‍රියාවිරහිත වී තිබුණු බව බිරිඳ පවසා තිබෙනවා.

දුරකතනය හරහා ලැබුණු සංඥා අනුව එම දුරකතනය බොරැල්ල කනත්ත අසල ඇති බව අනාවරණය වීමෙන් සැක සිතූ බිරිඳ එහි පැමිණ පරික්ෂා කර තිබෙනවා.

එහිදී දැක ඇත්තේ දැඩි ලෙස පහර කෑමට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර් සිය මෝටර් රථය තුළ දෑත් බැඳ ගෙල ද ප්ලාස්ටික් පටියකින් ගැට ගසා දමා ගොස් ඇති බවයි.

කෙසේ නමුත් පොලිසිය අදාල සිද්ධිය සම්බන්ධයෙන් සඳහන් කර සිටියේ සුසාන භූමිය තුළ දී ඔහු ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවයි.