වනිඳු සහ භානුක පාකිස්ථාන සුපර් ලීගයට

වනිඳු සහ භානුක පාකිස්ථාන සුපර් ලීගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංගව සහ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂව 2023 පකිස්ථාන සුපර් ලීග් තරඟාවලිය සඳහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී තෝරාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා හැරුණු විට ප්ලැටිනම් කාණ්ඩය යටතේ වන මෙම 1 වන වටයේ කෙටුම්පත් කිරීමේ දී කෙටුම්පත් කර ඇති ක්‍රීඩකයන් වන්නේ, පාකිස්ථාන කණ්ඩායමේ ෆකාර් සමාන්, නසීම් ෂා, එංගලන්තයේ ඇලෙක්ස් හේල්ස්, දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර්, ඔස්ට්‍රෙලියාවේ මැතිව් වේඩ් යන ක්‍රීඩකයන්.