දෙහිවල දී දුම්රියේ ගැටී තරුණයෙක් හා තරුණියක් මරුට

දෙහිවල දී දුම්රියේ ගැටී තරුණයෙක් හා තරුණියක් මරුට

දෙහිවල දුම්රිය ස්ථානයේදී දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ තරුණයෙකු සහ තරුණියක් දුම්රියේ ගැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මොවුන් සමග සිටි තවත් තරුණයෙකු ද දුම්රියේ ගැටී තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අද උදෑසන 10ට පමණ මරදානේ සිට කළුතර බලා ධාවනය වූ දුම්රියේ මොවුන් ගැටී ඇති අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව අදාළ තරුණයා සහ තරුණිය ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් කාර්මික විද්‍යාලයක ඉගෙනුම ලබන අතරතුර දෙහිවල සත්ත්වෝද්‍යානය නැරඹීම සඳහා පැමිණි අවස්ථාවේදීයි මෙම අනතුරට මුහුණදී ඇත්තේ.