ධනුෂ්ක ගුණතිලකට අලුත් නිවසකට යන්න අවසර

කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත් වී තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ක්ලෙයාර් ෆර්නන් මහත්මිය අවසර ලබා දී තිබෙනවා.
ධනුෂ්ක ගුණතිලක මහතා ඊයේ (16) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා.
ගුණතිලක මහතාට උදව් කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයකුගේ නිවසේ ඔහු ජීවත්වන බවත් නීතිමය ක්‍රියාවලිය ඉතා දීර්ඝ එකක් වනු ඇති බවත් ඒ හේතුවෙන් නව නිවසකට යාමට ඉඩ දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
එම ඉල්ලීම සලකා බලමිනුයි සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය ධනුෂ්ක ගුණතිලකට නව නිවසකට යාමට අවසර ලබා දී ඇත්තේ. නැවත වරක් ජනවාරි 12 වැනිදා නඩුව කැඳවීමට නියමිතයි.

