දින දෙකක් නොමිලේ සත්තු වත්ත බලන්න අවස්ථාවක්

ලබන 23 හා 24 යන දිනයන්හිදී දෙහිවල සත්චෝද්යානය නොමිලයේ නැරඹීමට අවස්ථාව ලබා දෙන බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්යක්ෂ,ජනරාල් ජගත් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ 23 වැනිදා ළමුන්ටද, 24 වැනිදා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටද සත්ත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමට අවස්ථාව ලබාදී ඇති බවයි.
ලබන 23, 24 හා 25 යන දිනවල පැවැත්වෙන සත්චෝද්යාන යේ පාරිසරික අධ්‍යාපනික ප්‍රදර්ශනයට සමාගාමීව එම අවස්ථාව ලබා දෙන බවද ඔහු පැවසුවේ ය.

