නව වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු සටන ඉන්දියාව සමඟ

ලබන වසරේ ජනවාරි මුල් සතියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ තරඟ සංචාරයක නිරත වීමට නියමිතයි.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟ තුනකට සහ පන්දුවාර 20 තරඟ තුනකට එක්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ජනවාරි 03 වෙනිදා ඉන්දියාව සමඟ පලමු පන්දුවාර 20 තරඟයට එක්වන වන අතර එම තරඟය පැවැත්වෙන්නේ මුම්බායි හී දී.
ඉන් අනතුරුව දෙවැනි පන්දුවාර විස්ස තරඟය පුනේහිදී ජනවාරි පස්වැනිදා පැවැත්වෙන අතර දෙරට අතර තුන්වන සහ අවසාන පන්දුවාර විස්ස තරග පැවැත්වෙන්නේ ජනවාරි 7 වැනිදායි.
එය ඉන්දියාවේ රාජ්කොට් හී දී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ඉන්දීය කණ්ඩායම් අතර පලමු එක්දින තරගය ජනවාරි දහ වෙනිදා ග්වාතී හී දී පැවැත්වෙන අතර දෙවන එක්දින තරගය පැවැත්වෙන්නේ ජනවාරි 12 වැනි දා කොල්කාටාහී දීයි.
ශ්‍රී ලංකා ඉන්දීය තුන්වැනි සහ අවසන් එක්දින තරඟය පවැත්වෙන්නේ ජනවාරි 15 වැනි දා කේරලයේ දී.
මෙම තරඟාවලිය සඳහා මේ වන විට පැවැත්වෙන එල් පී එල් තරඟාවලිය තුළ දී දස්කම් දක්වන අවිශ්ක ප්‍රනාන්දු, නුවනිදු ප්‍රනාන්දු සහ සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.
මෙම තරඟාවලිය සඳහා මේ වන විට 20 දෙනකුගෙන් සමන්විත ක්‍රීඩක සංචිතයක් නම් කර ඇති නමුත් මේ දක්වා එම සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කර නැහැ.
පැතුම් නිශ්ශංක
කුසල් මෙන්ඩිස් (Wk)
ධනංජය ද සිල්වා
චරිත් අසලංක
දසුන් ශානක (නායක)
භානුක රාජපක්ෂ (T20)
අශේන් බණ්ඩාර
නුවනිදු ප්‍රනාන්දු (එක්දින)
සධීර සමරවික්‍රම
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
මහේෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩර්සේ (එක්දින)
කසුන් රාජිත
ලහිරු කුමාර
ප්‍රමෝද් මධුෂාන්
ඩිල්ෂාන් මධුශංක
නුවන් තුෂාර (T20)
චාමික කරුණාරත්න
අවිශ්ක ප්‍රනාන්දු

