විදුලි බිල වැඩි කරන්නේ විදේශීය පෞද්ගලික සමාගම්වලට බලාගාර විකිණීමේ අදහසින්

විදුලි බිල වැඩි කරන්නේ විදේශීය පෞද්ගලික සමාගම්වලට බලාගාර විකිණීමේ අදහසින්

නව විදුලි මිල සූත්‍රය අනුව පළමු ඒකක 30ට එක් ඒකකයකට කරන අයකිරීම් රුපියල් අටේ සිට පනහ දක්වා ඉහළ දැමීමට නියමිතව ඇති බවත් ඒ අනුව පළමු ඒකක 30 වෙනුවෙන් සෑම පාරිභෝගිකයේකුට ම රුපියල් 1,500ක ස්ථාවර ගාස්තුව ද සමඟ රුපියල් 3,000ක බිලක් ලැබෙනු ඇතැයි ද තෙල් වරාය සමගි ඒකාබද්ධ බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ඊයේ (18) පැවසීය.

විදුලි ගාස්තු සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද හෙතෙම මෙය තනිකරම කළු කඩ වෙළෙඳාමක් යැයි චෝදනා කළේ ය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ආනන්ද පාලිත,

“විදුලි ගාස්තු සංශෝධන පනත් කෙටුම්පත අද (18දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙච්චර කල් පළමු ඒකකයට අය කළ රුපියල් 8 මේ සමග 50ක් වෙනවා. ස්ථාවර ගාස්තු 1,500යි. ඒ කියන්නෙ ඒකක 30ක් පාවිච්චි කරන කෙනෙක් රුපියල් තුන්දාහක් ගෙවන්න ඕනෑ. විදුලි බිල වැඩිකරලා. විදුලි ඒකකයත් වැඩි කරලා. විදුලි බිල ඒ වගේ තුන් ගුණයකින් වැඩි කරලා. මේක කළු කඩයකට එහා ගිය මිල වැඩි කිරීමක්. විදේශීය පෞද්ගලික සමාගම්වලට බලාගාර විකිණීමේ අදහසින් මේ මිල වැඩි කිරීම කරන්නේ.” යනුවෙන්