පැය 10ක විදුලි කප්පාදුවක් ?

පැය 10ක විදුලි කප්පාදුවක් ?

දෙසැම්බර් මස 31 වනදායින් පසුව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්පූර්ණයෙන්ම නතරවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

පවතින ගල් අඟුරු තොගය අවසන් වීම හේතුවෙන් මෙලෙස නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්පූර්ණයෙන්ම නතරවන බව එහි සභාපති නිහාල් වීරරත්න අද(20) මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් පැය 10කට ආසන්න කාලයක විදුලි කප්පාදුවක් සිදුකිරීමේ බරපතළ අවදානමක් පවතින බව එම මාධ්‍ය හමුවට එක්වූ විදුලි ඉංජිනේරුවන් වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS