දෙහිවල සත්තු වත්තේ මැකෝ සහ නිල් ගව පැටවුන් අද සිට බලන්න අවස්ථාව

දෙහිවල සත්වෝද්‍යානයේ අලුත උපන් නිල් සහ කහ පැහැති මැකෝ ගිරව් 4දෙනෙකු හා නිල් පැහැති ගව පැටවුන් දෙදෙනෙකු අද (21) සිට මහජන ප්‍රදර්ශනයට එක්කර තිබෙනවා.
පසුගිය සිකුරාදා (16) උපත ලද නිල් ගව පැටවුන් දෙදෙනා ඉන්දියාවේ ක්ෂීරපායි සත්ත්ව විශේෂයක් වන ඇන්ටිලෝප් වර්ගයට අයත් ගව විශේෂයක්.
එසේම, මීට මාස 2ට පෙර උපත ලද නිල් සහ කහ මැකෝ ගිරවුන් සිව්දෙනා දකුණු අමෙරිකානු කලාපීය රටවල්වල වාසය කරන සත්ත්ව වර්ගයක් වන බවයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්යක්ෂිනා දිනුෂිකා මානවඩු පැවසුවේ.
මේ අතර, අනිද්දා (23) සිට මේ මස 25 වැනිදා දක්වා පාසල් දරුවන්ට නොමිලේ දෙහිවල සත්වෝද්‍යානය නැරඹීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.
“සතුන් අපේ මිතුරෝය” යන තේමාව යටතේ මහජනතාව වෙනුවෙන් පැවැත්වෙන අධ්‍යාපන ප්‍රදර්ශනයට සමගාමීවයි මෙම අවස්ථාව පාසල් දරුවන් වෙත උදා වන්නේ.
එමෙන්ම, මේ මස 24 වැනිදා අවුරුදු 60ට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට නොමිලේ සත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාව හිමිවනවා.

