වසර අවසානයේ කොළඹට එන ජනතාවගේ රථ වාහන ගාල් කරන්න අලුත් ස්ථාන

වසර අවසානයේ කොළඹට එන ජනතාවගේ රථ වාහන ගාල් කරන්න අලුත් ස්ථාන

ලබන 31 වැනි දා දක්වා නෙළුම් කුළුණ, ජනාධිපති ලේකම් කාර්යාලය හා ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව පැවැත්වෙන වැඩසටහන් වෙනුවෙන් රථවාහන ගාල් කිරීමේ ස්ථාන කිහිපයක් හඳුන්වා දී තිබේ.

පොලීසිය පැවසුවේ, නෙළුම් කුළුණ ආශ්‍රිතව පැවැත්වෙන වැඩසටහන් සඳහා පැමිණෙන ජනතාවගේ රථ වාහන ගාල් කිරීම වෙනුවෙන් කැප්ටන් ගාර්ඩ්න් කෝවිල් රථගාල, ඩී.ආර්.විජේවර්ධන මාවත, ගාමිණී වටරවුම සිට රීගල් දක්වා මාර්ගය දෙපස රථ වාහන නැවතුම් ස්ථාන භාවිත කළ හැකි බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලය හා ගාලුමුවදොර පිටිය ආශ්‍රිතව පැවැත්වෙන වැඩසටහන් වෙනුවෙන් පැමිණෙන ජනතාවට රථ වාහන ගාල් කිරීම සඳහා එම්.ඕ.ඩී. රථගාල, ගාලුමුවදොර ගාලු මැද පාරේ රථවාහන නැවතුම් හා නව බාලදක්ෂ මාවතේ රථ වාහන නැවතුම් ස්ථාන භාවිත කළ හැකි බවයි.

COMMENTS