තුන්වන වාරයේ පළමු අදියර අදින් අවසන් – දෙවන අදියර ලබන ජනවාරි 02 ඇරඹේ

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වසරට අදාළ තුන්වන වාරයේ දෙවන අදියර ලබන ජනවාරි 02 වනදායි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ, තුන්වන වාරයේ පළමු අදියර අදින් අවසන් කෙරුණු බවයි.
ඒ අනුව හෙට සිට පාසල් නිවාඩු ඇරඹෙන අතර යළි ජනවාරි 02 වනදා පාසල් ආරම්භ වනවා.

