ඇප ලැබුණත් තිළිණි තවමත් ඇතුලේ

ඇප ලැබුණත් තිළිණි තවමත් ඇතුලේ

අද පස්වරුවේ තිලිණි ප්‍රියමාලිට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු නවය සඳහා මුදලින් රුපියල් ලක්ෂ හතර හමාරක් සහ රුපියල් මිලියන 180 ක ශරීර ඇප තැන්පත් කිරීම සිදු කර තිබෙනවා.

තිලිණි ප්‍රියමාලිගේ ස්වාමි පුරුෂයා, මව, පියා, සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු හිතවතුන් පිරිසක් රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප 18 ක් නඩු 09 සඳහා අධිකරණය හමුවේ තැන්පත් කරනු ලැබුවා.

තිලිණි ප්‍රියමාලිට නඩු 09 ක් සඳහා ඇප තැන්පත් කළත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.

ඒ, ඇයට එරෙහිව පවතින තවත් නඩුවකට අදාළවයි.