වාර්තා ගත මිලකට වනිඳුව RCB කණ්ඩායමේ තවදුරටත් රඳවා ගනී

වාර්තා ගත මිලකට වනිඳුව RCB කණ්ඩායමේ තවදුරටත් රඳවා ගනී

අද පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය රුපියල් ලක්ෂ 1075කට රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායමේ තවදුරටත් රඳවා ගන්නට එම කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් තීරණය කළා.

ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ මහේෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් ලක්ෂ හැත්තෑවකටත්, ශ්‍රී ලංකා තරුණ වේග පන්දු යවන්නෙකු වන මතීෂ පතිරණව ඉන්දීය රුපියල් ලක්ෂ 20කටත් තව දුරටත් සිය කණ්ඩායමේ රඳවා ගන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කළේ පසුගිය තරග වාරයේ දී ඔවුන් දැක්වූ දස්කම් සැලකිල්ලට ගෙනයි.

ඊට අමතරව පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂව ඉන්දීය රුපියල් ලක්ෂ 50කට මිලදී ගෙන තිබෙනවා.

https://bit.ly/3hScKur