නත්තල් දිනය වෙනුවෙන් හෙට සිර කරුවන් 309කට නිදිහස

හෙට (25) උදාවන නත්තල දිනයට සමගාමීව සමාව ලබා බන්ධනාගාරයෙන් නිදහස් වන සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව හෙට දිනයේ දී නත්තල් සමාව යටතේ සිරකරුවන් 309 දෙනෙකු නිදහස් වීමට නියමිතයි.
ඒ අතර පිරිමි රැඳවියන් 306ක් සහ ගැහැනු රැඳවියන් 03 දෙනෙකු ඊට ඇතුළත්.
මෙලෙස නත්තල් සමාව හිමි වන්නේ සුළු වැරදි සම්බන්ධයෙන් දඬුවම් ලබා සිටි සහ වෙනත් හේතු මුල් කරගෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ ලිපියේ දැක්වෙන්නේ.


