දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අවදානමක්

පවතින වැසි තත්ත්වයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක හතරකට නායයෑම් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටයි.
අද (24) පෙරවරු 7.30 සිට හෙට පෙරවරු 7.30 දක්වා බලපැවැත්වෙන පරිදි නායයෑම් අවදානම නිකුත් කර ඇති අතර, එම දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කර සිටිනවා.

