නුවරට වහින වැස්ස – දුම්රිය ස්ථානය ජලයෙන් යටවෙයි (Photos)

නුවරට වහින වැස්ස –  දුම්රිය ස්ථානය ජලයෙන් යටවෙයි (Photos)

මහනුවර දුම්රිය අංගනය ජලයෙන් යටවීම සහ පිළිමතලාව සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර පිහිටි නානුඔය දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා මතුවී තිබෙනවා.

ඒ අනුව කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය පිළිමතලාව දක්වා පමණක් සීමා කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ අතර මහනුවර, නුවරඑළිය, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට නාය යෑමේ අවදානම් නිවේදනය කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.