බිත්තරයක් 50ත් 55ත් අතර මිලකට අලෙවි කිරීමට එකඟතාවයක්

බිත්තරයක් රුපියල් 50ත් 55ත් අතර මිලකට අලෙවි කිරීමට කුකුලු මස් සහ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් එකඟත්වය පළකර තිබෙනවා.
ඒ වෙළඳපොලේ පවතින බිත්තර හිඟය සහ එහි මිල පාලනය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමඟ අද (26) පෙරවරුවේ අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීයි.
අනෙකුත් සංගම් සමඟද සාකච්ඡා කර ඒ පිලිබඳ අවසන් තීරණයකට පැමිණෙන බවයි එම සංගම් දැනුම් දී ඇත්තේ.

