පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

හෙට (27) සිට යළිත් විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබෙනවා.

ඒ අනුව හෙට සිට එළඹෙන 30 වැනිදා තෙක් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

එම විදුලි කප්පාදුව පැය 02කුත් විනාඩි 20ක කාලයක් පවතින බව ද මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරනවා.

එම විදුලි කප්පාදුව සිදුවන්නේ දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ දී පැයකුත් විනාඩි 20කුත් ලෙසයි.

COMMENTS