බිත්තරයක් 50ත් 55ත් අතර මිලකට අලෙවි කිරීමට එකඟතාවයක්

බිත්තරයක් 50ත් 55ත් අතර මිලකට අලෙවි කිරීමට එකඟතාවයක්

බිත්තරයක් රුපියල් 50ත් 55ත් අතර මිලකට අලෙවි කිරීමට කුකුලු මස් සහ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් එකඟත්වය පළකර තිබෙනවා.

ඒ වෙළඳපොලේ පවතින බිත්තර හිඟය සහ එහි මිල පාලනය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමඟ අද (26) පෙරවරුවේ අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීයි.

අනෙකුත් සංගම් සමඟද සාකච්ඡා කර ඒ පිලිබඳ අවසන් තීරණයකට පැමිණෙන බවයි එම සංගම් දැනුම් දී ඇත්තේ.

COMMENTS