“රෙඩ් වින්ග්ස්” ශ්‍රී ලංකාවට

“රෙඩ් වින්ග්ස්” ශ්‍රී ලංකාවට

රුසියාවේ “රෙඩ් වින්ග්ස්” ගුවන් සේවය අනිද්දා (29) සිට රුසියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා ගුවන් ගමන් ආරම්භ කරන බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසනවා.

එම ගුවන් සේවයට අයත් යානයකින් එදින රුසියානු සංචාරකයින් 404දෙනෙකු මෙරටට පැමිණෙන බවයි එහි සභාපති උපුල් ධර්මදාස පැවසුවේ.

අසූර් සහ එරෝෆ්ලොට් ගුවන් සමාගම් මේ වනවිටත් රුසියාවේ සිට ශ්‍රී ලංකාව බලා සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා.

“රෙඩ් වින්ග්ස්” සමාගම ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමග රුසියාව හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක සෘජු ගුවන් සේවා සංඛ්‍යාව 3ක්.

COMMENTS