ඩුබායි සුද්දාට ඇප

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ඩුබායි සුද්දා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් චාමිනි විජේබණ්ඩාර හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී අධිකරණය නියෝග කළේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හරින ලෙසටයි.
නීතිවිරෝධීව පුද්ගලයින් විදෙස් ගත කිරීම ඇතුලු චෝදනා කිහිපයක් මතයි ඔහු අද දහවල් අත්අඩංගුවට ගැණුනේ.
ඕමානයේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් ඩුබායි සුද්දා පසුගිය කාලයේ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණ කළ අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ද ආරම්භ කර තිබුණා.

