ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් ආයතනයේ බලපත්‍රය අවලංගුයි

“ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය, 2022 දෙසැම්බර් 28 දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 37(3) වගන්තිය ප්‍රකාරව තීරණය කර තිබෙනවා.
ඒ අනුව “ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනයට 2022 දෙසැම්බර් 28 දින සිට මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන යටතේ, මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාමට අවසර හිමිවන්නේ නැහැ.

