ත්‍රිපෝෂ වෙනුවෙන් අලුත් වූ ගිවිසුම

මෙරට ත්‍රිපෝෂ නිෂ්පාදනයට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ඊයේ (27) අත්සන් තබා තිබෙනවා.
ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශය හා “සවුත්ඒෂියා ගේට්වේ ටර්මිනල්ස්” යන පෞද්ගලික සමාගම අතරයි.
එම සමාගම, වසරක කාලයක් සඳහා මෙම අමුද්‍රව්‍ය සැපයීමට අපේක්ෂිතයි. මෙරටට ගැබිනි හා කිරිදෙන මව්වරුන්ට සහ අඩු බරැති ළදරුවන් සඳහා ත්‍රිපෝෂ අඛණ්ඩව ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ මෙය ක්‍රියාවට නැංවෙනවා.
දරුවන්ගේ බර කිරමින් අඩු බරැති දරුවන් සඳහා එවෙලෙහිම ප්‍රතිකර්මයක් ලෙස ත්‍රිපෝෂ ලබා දෙන ආසියාවේ එකම රට වන්නේ ද, ශ්‍රී ලංකාවයි.
මෙරට, මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් නිෂ්පාදනය කෙරෙනවා.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, “සවුත්ඒෂියා ගේට්වේ ටර්මිනල්ස්” පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රොමේෂ් ඩේවිඩ් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්ව සිටියා.

