ශ්‍රී ලංකාව නව වසරට ඉන්දියාවේදී වැඩ අල්ලයි – ඉන්දීය සංචිතයත් එළියට

ශ්‍රී ලංකාව නව වසරට ඉන්දියාවේදී වැඩ අල්ලයි – ඉන්දීය සංචිතයත් එළියට

2023 ජනවාරි 3 වනදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ පන්දුවාර 20 හා එක්දින ක්‍රිකට් තරඟාවලියට එක්වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය පන්දුවාර 20 කණ්ඩායමට නායකත්වය දරනු ලබන්නේ හර්දික් පාණ්ඩ්‍යා විසින්.

කණ්ඩායමේ උපනායකත්වය සූර්යකුමාර් යාදව්ට පවරා තිබෙනවා.

කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් වන්නේ ඉෂාන් කිෂාන්, රුතුරාජ් ගයික්වාඩ්, ශුබ්මන් ගිල්, දීපක් හූඩා, රාහුල් ත්‍රිපාති, සංජු සැම්සන් (කඩුළු රකින්නා), වොෂින්ටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චාහල්, අක්සාර් පටෙල්, අර්ෂ්දීප් සිං, හර්ෂල් පටෙල්, උම්රාන් මලික්, ශිවම් මාවි, මුකේෂ් කුමාර්.

තරගාවලිය සඳහා එක්වන ඉන්දීය එක්දින සංචිතයේ නායකත්වය රෝහිත් ෂර්මා වීසින් දරන අතර, උපනායකත්වය හර්දික් පාණ්ඩ්‍යාට පවරා තිබෙනවා.

ශුබ්මන් ගිල්, විරාත් කෝලි, සූර්යකුමාර් යාදව්, ශ්‍රෙයාස් අයියර්, කේඑල් රාහුල්, ඉෂාන් කිෂාන් (කඩුළු රකින්නා), වොෂින්ටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චහාල්, කුල්දීප් යාදෙව්, අක්සාර් පටෙල්, මොහොමඩ් ෂාමි, මොහොමඩ් සිරාජ් , උම්රාන් මලික්, අර්ෂ්දීප් සිං ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ තරගවදින ඉන්දීය කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් වෙනවා.