ඉන්දීය සංචාරයේදී වනිඳුට උසස් වීමක් – ශ්රී ලංකා සංචිතයත් එළියට

ඉන්දීය ක්රිකට් සංචාර සඳහා සහභාගි වන 20 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර, එක්දින කණ්ඩායමේ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට සහ විස්සයි විස්ස උප නායකත්වය හිමිව ඇත්තේ වනිදු හසරංගටයි.
මීට පෙර පන්දුවාර විස්ස උප නායකත්වයේ චරිත් අසලංක කටයුතු කර තිබුණා.
ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ දක්ෂතා දැක්වූ නුවනිදු ප්රනාන්දු, ඉන්දියාවට එරෙහි එක්දින තරඟාවලියට නම් කර තිබීම විශේෂත්වයක්.
එමෙන්ම, නුවන් තුෂාර සහ ජෙෆ්රි වැන්ඩසේ ද එක්දින තරගාවලියට කැඳවා තිබෙනවා.
භානුක රාජපක්ෂ විස්ස තරඟාවලියට පමණක් නම් කර ඇති අතර, අවිශ්ක ප්රනාන්දු ද ශ්රී ලංකා සංචිතයට කැඳවා ඇත්තේ කලකට පසුවයි.


