හිතුවක්කාර බදු සංශෝධනයට එරෙහිව කළු විරෝධතා සතියක්

හිතුවක්කාර බදු සංශෝධනයට එරෙහිව කළු විරෝධතා සතියක්

ජනවාරි මාසයේ අවසන් සතිය කළු විරෝධතා සතියක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ, රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට විරෝධය පළ කරමින්.

එමෙන්ම මීට විරෝධය පළකිරීමේ එක් පියවරක් ලෙස දිවයිනේ සියලු රෝහල් ආවරණය වන පරිදි වෛද්‍යවරුන් 20,000කගෙන් පෙත්සමකට අත්සන් ලබාගැනීමේ කටයුතු ද මේ දිනවල සිදුකෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසනවා.

ඒ අනුව එම අත්සන් සහිත පෙත්සම ජනවාරි 10 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදීමට නියමිතයි.